Anushanga.Typing

About Anushanga Typing

Anushanga Typing යනු Singlish අකුරින් සිංහල ටයිප් කිරීමට සහ Sinhala Unicode, FM හා ISI අකුරු කේත ක්‍රම අතර text පරිවර්තනය කිරීමට නොමිලේ භාවිත කළ හැකි වෙබ් මෙවලමකි. ගිණුමක් සෑදීම හෝ යෙදුමක් install කිරීම අවශ්‍ය නැත.

සිංහල ටයිප් කිරීම සහ font conversion

English keyboard එකෙන් aayuboowan ලෙස ටයිප් කළ විට Unicode output එකේ ආයුබෝවන් ලැබේ. Unicode text එක messages, documents සහ වෙබ් පිටුවල භාවිත කළ හැක. පැරණි FM හෝ ISI text තිබේ නම්, එයට ගැළපෙන input මාදිලිය තෝරා Unicode වෙත පරිවර්තනය කරන්න.

FM හා ISI යනු මෙහි සහාය දක්වන legacy encodings දෙකකි. ඒවා සඳහා සකස් කළ output වෙනත් යෙදුමකට paste කරන විට එම encoding එකට ගැළපෙන font එකක් තෝරාගත යුතුය. සෑම Sinhala font එකක්ම එකම mapping එක භාවිත නොකරන බැවින් මුලින් කෙටි වාක්‍යයකින් පරීක්ෂා කරන්න.

දිනපතා ලිවීමේ පහසුකම්

Source සහ output මාදිලි මාරු කිරීම, copy කිරීම, text file එකක් download කිරීම, on-screen keyboard එක සහ local History හා Saved lists එකම මෙවලම තුළ ඇත. Voice typing සඳහා microphone අවසරය සහ සහාය දක්වන browser එකක් අවශ්‍ය වන අතර speech recognition සඳහා අන්තර්ජාලය භාවිත වේ.

සාමාන්‍ය typed-text conversion ඔබගේ browser එක තුළ සිදුවේ. Voice typing සහ site analytics පිළිබඳ වෙනම විස්තර Privacy Policy තුළ ඇත.

භාවිතයට උපදෙස්

මෙය text transliteration සහ encoding conversion මෙවලමකි; භාෂා පරිවර්තකයක් හෝ proofreading සේවාවක් නොවේ. නම්, බැඳි අකුරු සහ පැරණි font text සඳහා පරිවර්තනයෙන් පසුව ප්‍රතිඵලය කියවා බලන්න.

Singlish keymap →   All features →   Open the converter →